අද පුවත් ඇසු මට ලංකාවේ ආණ්ඩුව ගැන පුදමත් සිතුනි...
ලෝකයේ ඉහල යමින් පවතින බොරතෙල් බැරලයේ මිල රට වැසියාගේ හිස මත නොපටවා රජය විසින් උසුලා ගෙන මෙතෙක් කල් උසුලා සිටි බව මම දැන සිටියේ නැත ...
2010 දී මෙන් 2011 වසරේදී 50% කින් වැඩි වූ බොරතෙල් මිල ගිය මස 3 තුල තවත් ඉහල ගොස් පැවතියද රජය එහි බර රට වැසියාට නොදී උසුලා සිටීම පුදුම සහගතය ...
රටෙන් 25% වෙනත් ආණ්ඩුවක් වෙනුවෙන් තවමත් කෑගසනවා අපට ඇහේ ..උන් තවත් එවුන් උසි ගන්නානවද පෙනේ...
එහෙත් උන් ඉල්ලන ආණ්ඩුව මෙසේ ජනතාව ගැන සිතන ආණ්ඩුවක් වෙයිද ?
ඒ රජයන් වසර 5 ක් බලයට පත් ව සිට කරේ කුමක් ද?
අප අවට රටවල් ඉන්ධන මිල රට වැසියාගේ හිස මත පටවා අත සෝදා ගෙන සිටිති
එහෙත් අප රටේ රජය විසින් ඔවුන්ව නැති කිරීමට තැත් කරන,සුඛෝපභෝගී පිරිසට මෙන්ම දුප්පත් මධ්‍යම පන්තියේ වැසියන්ටද එකම හැන්දෙන් බෙදා ඉන්ධන සහනය ලබා දුනි.....
මා දැනගත් තොරතුරු අනුව රටවල් කීපයක ඉන්දන මිල මෙසේය
පෙට්‍රල්
ලංකාව රු 137
ඉන්දියාව රු 150-180
සිංගප්පුරුව රු 204
ඩිසල්
ලංකාව රු 84
ඉන්දියාව රු 110-130
සිංගප්පුරුව රු 160
එහෙත් මෙතෙක් කල් පාඩු ලබා ඉහල නගින තෙල් මිල හමුවේ තවත් මෙලෙස සිටීම ප්‍රයෝගික නොවන බව ඕන කෙනෙක්ට තේරෙයි ...
එහෙත් එය එසේ උනත් රටේ දුප්පත් ජනතාව ඔවුන් අමතක කර නැත දුම්රිය බස් රථය මගින් ගමන් බිමන් යන පිරිසගේ බඩට ඇනීමට ඔවුන් දෙවරක් සිතා බලනු ඇත....එම නිසා පොදු ප්‍රවාහන සේවා වලට මෙන්ම ධිවර සොයුරන්ටද එමෙන්ම පාසැල වැන් රථ රියදුරන්ටද ඉන්ධන සහනාධාරය දිගටම ලබා දීමට ඔවුන් ක්‍රියා කර ඇත
මෙහෙම බැලුවම රජය මේ දවස් වල රට වැසියන් වෙනුවෙන් පාඩු පිට පාඩු ලබා ඇතිබව පැහැදිලිය එහෙත් ඒ අතර ඔවුන් රටේ සංවර්දන ව්‍යාපෘතීන් නවතා දැමුවේ නැත ....
වෙන රජයක් සිටියේනම් මෙලෙස කරයිද ආසියාවේ ඓශ්චර්ය කරා රට ගෙනයයිද?
කොටියත් එක්ක සාම ගිවිසුම් ගැසීම නවතා උන්ව පලව හැරීමට ක්‍රියා කරයිද?
No comments:
Post a Comment