Sunday, February 12, 2012

රට වැසියා ගැන සිතන රජෙක්



අද පුවත් ඇසු මට ලංකාවේ ආණ්ඩුව ගැන පුදමත් සිතුනි...

ලෝකයේ ඉහල යමින් පවතින බොරතෙල් බැරලයේ මිල රට වැසියාගේ හිස මත නොපටවා   රජය විසින් උසුලා ගෙන මෙතෙක් කල් උසුලා සිටි බව මම දැන සිටියේ නැත ...

2010 දී මෙන් 2011 වසරේදී 50% කින් වැඩි වූ බොරතෙල් මිල ගිය මස 3 තුල තවත්  ඉහල ගොස් පැවතියද රජය එහි බර රට වැසියාට නොදී උසුලා   සිටීම පුදුම සහගතය ...

රටෙන් 25% වෙනත් ආණ්ඩුවක් වෙනුවෙන් තවමත් කෑගසනවා අපට ඇහේ ..උන් තවත් එවුන්  උසි ගන්නානවද පෙනේ...

එහෙත් උන් ඉල්ලන ආණ්ඩුව මෙසේ ජනතාව ගැන සිතන ආණ්ඩුවක් වෙයිද ?
ඒ රජයන් වසර 5 ක් බලයට පත් ව සිට කරේ කුමක් ද?

මේවා ගැන කතා කර  පලක් නැත 

අප අවට රටවල් ඉන්ධන මිල රට වැසියාගේ හිස මත පටවා අත සෝදා ගෙන සිටිති 
එහෙත් අප රටේ රජය විසින් ඔවුන්ව නැති කිරීමට  තැත් කරන,සුඛෝපභෝගී පිරිසට මෙන්ම දුප්පත් මධ්‍යම පන්තියේ වැසියන්ටද එකම හැන්දෙන් බෙදා ඉන්ධන සහනය ලබා දුනි.....

මා දැනගත් තොරතුරු අනුව රටවල් කීපයක ඉන්දන මිල මෙසේය
පෙට්‍රල් 
ලංකාව  රු 137
ඉන්දියාව  රු 150-180
සිංගප්පුරුව  රු 204
ඩිසල් 
ලංකාව  රු 84
ඉන්දියාව  රු 110-130
සිංගප්පුරුව  රු 160

එහෙත් මෙතෙක් කල් පාඩු ලබා ඉහල නගින තෙල් මිල හමුවේ තවත් මෙලෙස සිටීම ප්‍රයෝගික නොවන බව ඕන කෙනෙක්ට තේරෙයි ...
එහෙත් එය එසේ උනත් රටේ දුප්පත් ජනතාව ඔවුන් අමතක කර නැත දුම්රිය බස් රථය මගින් ගමන් බිමන් යන පිරිසගේ බඩට ඇනීමට ඔවුන් දෙවරක් සිතා බලනු ඇත....එම නිසා පොදු ප්‍රවාහන සේවා වලට මෙන්ම ධිවර සොයුරන්ටද එමෙන්ම පාසැල වැන් රථ රියදුරන්ටද ඉන්ධන සහනාධාරය දිගටම ලබා දීමට ඔවුන් ක්‍රියා කර ඇත 

මෙහෙම බැලුවම රජය මේ දවස් වල රට වැසියන් වෙනුවෙන් පාඩු පිට පාඩු ලබා ඇතිබව පැහැදිලිය එහෙත් ඒ අතර ඔවුන් රටේ සංවර්දන ව්‍යාපෘතීන් නවතා දැමුවේ නැත ....

වෙන රජයක් සිටියේනම් මෙලෙස කරයිද ආසියාවේ ඓශ්චර්ය කරා රට ගෙනයයිද?
කොටියත් එක්ක සාම ගිවිසුම් ගැසීම නවතා උන්ව පලව හැරීමට ක්‍රියා කරයිද?



මෙය තීරණය කිරීම ඔබ සතුය 

Monday, February 6, 2012

බුදු දහම මොවුන් කෙලෙසන්නේ ඇයි?

අද දවස නවම් පෝය යි අද මම facebook මගේ පිටුවට අවහම දැකුපු පළමු status එක දැක්ක වෙලාවේ මට අපු ආවේගය පාලනය කර ගන්නයි මම මේක ලියන්න හිතුවේ...මගේ බ්ලොග් එක කවුරුත්   බලන්නේ නැති බව ඇත්ත...එත් මගේ හිතේ ආපු තරහ නිවා ගන්න මම මේක ලියන්න හිතුව...
කවුරුත් දන්නා ව ඇති බුදු  රජාණන් වහන්සේ  පවා ඒ කාලයේ පැවසුවේ ලෝකයෙන් වැඩිම කාලයක් බුදුදහම පවතින රට ශ්‍රී ලංකාව බවයි...එහෙම එකේ අපි මේ අපේ මවු බිමේ උපදින්නට තරම්  වසනවත්ත වෙලා තිබ්බත් මේ මවු බිමේ පය ගහල ඉන්න සමහරුන් බුදු රජාණන් වහන්සේගේ පහස ලැබූ මේ පින් බිමේ සිටම ඔහු දෙසන ලද මහා සද්ධර්මය හල්ලුවකට ලක් කිරීම ලජ්ජා සහගත නොවේද? 


ටික කලකට ඉහත  අපේ රටේ සුපිරි ගායකයෙක් වන ඉරාජ් විසින් ගයන කරන ලද සිත්තී මහිලා ගීතයේ මුස්ලිම් ආගමට අපහස වන කොටසක් ඇති බව පවසා තහනමකට ලක් කෙරු  බව ඔබට මතක ඇති...එහෙවු එකේ ලංකාවේ තවත් සුපිරි ගායකයෙක් වන සුනිල් පෙරේරාගේ මාර්ගයේම යන ගයාන් පෙරේරා ගේ ටිකෙන් ටික ගීතයේ භවතු සබ්බ මංගලම් ගාථාව rap තාලයට යොදා මධුසමය ගත කරන කොටසක ඇතුලත් කර ඇති බව ඇසීමත්  ලැජජ සහගතයි....


එහෙත් මේ ගීතය තහනම් කල බවක්නම් තම මගේ   සවන් නොවකුනු බවද ප්‍රකාශ කරන්නේ ඉමහත් ශෝකයෙනි .....


මම මේ විස්තර ගනු ලැබුවේ පහත වෙබ් පිටුවෙනි මෙය කියවන කිසිවෙක් ඇතොත් ගොස් වැඩි විස්තර දැන ගන්න....




ජීවිතයේ එක වරක් පමණක් සිදු විය යුතු විවාහ මංගල්ලයකිදී මහා පිරිතකදී හෝ ලෙඩක් දුකක් සැදුනු විටකදී මහා සංගාය වහන්සේ නමක් විසින් දේශනා කරන මෙවැනි ගාථාවක් එලෙස නිවට අයුරින් ලංකාව තුල භාවිතා කිරීමේදී අකොන් ගේ ලංකාව තුල තහනමට ලක් කල   සිංදුව ගැන අපි පුදුම විය යුතු නැත ...


අනන්‍ය ආගමිකයන්ගේ මෙවැනි අසික්කිත උත්සාහයන් පිටු දැකීමට බෞද්ධ සම එක විය යුතුය...

බුදු සරණයි  ....!

Sunday, February 5, 2012

ලංකාවේ facebook



ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21 ඒ මිලියන 21 න් මිලියන 1.2 ක් ලෝකයේ වැඩිම පිරිසක් දිනපතා යන එන facebook වෙබ් අඩවියේ  සාමාජිකයින් ....
ඒ මිලියන 1.2 න් 33% ක් ගැහැනුන් වන අතර ඉතිරි පිරිස පිරිමිය 
මේ මිලියන 1.2 න් 20% ව්‍යාජ ලෙස පෙනී සිටින අතර 70% ක් තමාගේ ප්‍රේම සම්බන්දත බිදී යාම නිසා හා ප්‍රේම සම්බදත ඇති කර ගැනීමේ අටියෙන් මෙම වෙබ් අඩවිය  භාවිතා කරන පිරිසයි.
එමෙන්ම හැකර්සලා හා නීති විරෝධී ලෙස තර්ජනාත්මක ලෙසින් භාවිත කරන පිරිස 5% බැගින් වේ...


අවසනාවක මහත මෙම සමාජ වෙබ් අඩවිය එහි පරම අරමුණින් හා විනොදකමිව  භාවිත කරන පිරිස ගණන් බැලීමටවත් නොමැති තරමකි (සාපේක්ෂව)

-police වාර්තා අනුව 

facebook වැහෙන කතාව බොරු





ටික දවසකට කලින් රිවිර පත්තරේ පල උණු ලිපියක් සම්බන්දයෙන් අපේ ඉන්ටෙර්නෙට් use කරන යාලුවෝ ටිකක් උප්සෙට් ගැහුවා...
ඒ තමා facebook මාර්තු 15 වෙනිදා වහනවා කියන කතාව...ඒ ලිපියේ එකට හේතුව කියල තිබ්බේ facebook හදපු මාර්ක් සකර්බර්ග් ( Mark Zuckerberg)ගේ ජීවිතය  facebook එක නිසා ගොඩක් අවුල්  වෙලා ඒ නිසා ඒ නිසා ඔහුට නැවත පරණ  ජීවිතය ලබා ගැනීම සදහා facebook වෙබ් අඩවිය වසා දමනවා කියලයි .....


එත් සමහරුන්ගේ මතය උනේ මෙය ව්‍යාජ ලිපියක් කියලයි...ඒ උනත් මේ සිද්දිය මේ වෙනකොට ලෝකය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වෙලා තියනවා කියලයි CNN වෙබ් අඩවියේ තියෙන්නේ...

එත් එක්කම CNN වෙබ් අඩවියේ ජනවාරි 10 වෙනිදා ලිපියක් මගින් කියල තියනවා මේ කතාව බොරු කියල..facebook වෙබ් අඩවියේ අධ්‍යක්ෂක වරයෙක් වන ලැරි යු (Larry Yu ) මහත්මය ට යවපු ඒ-මිල් පණිවිඩයකට පිළිතුරු ලෙස  තමා මේ කතාව බොරු කියල CNN එකට කියල තියෙන්නේ ...

එහෙත මෙතන තියන කණගාටු දයකම දේ තම facebook වහනවා කියන එක බොරු කියල ජනවාරි 10 වෙනිදා CNN  එකේ තිබ්බ  පුවතවත්  ගණන්   නොගෙන  රිවිර පත්තරේ පෙබරවාරි  6 වෙනිදා facebook වහනව කියල ලිපියක් පල කරලා තියෙන එක  .....

මම ඉතින් ඉතුරු ටික කියන්න ඕනි නැනේ....

Tuesday, January 31, 2012

බ්ලොග් එක ගැන විස්තරයක්

internet තියන ගොඩක් කට්ටිය දැන් බ්ලොග් ලියනවා 
ඉතින් මම මොකටද පැත්තකට වෙලා ඉන්නේ ....එහෙම හිතල මමත් පටන්  ගත්ත බ්ලොග් එකක් ලියන්න...
ගොඩක් අයගේ බ්ලොග් මම බලල තියනවා එත් ඒ බලපු එවලින් බාගයක්ම download කරන්න තියන ඒවා තම පුරවල තිබ්බේ...
ඉතින් මම හිතුව එහෙම නැතුව මටම ස්වාදීන බ්ලොග් එකක් ලියන්න...ඉතින් මම එදිනෙද වෙන දේවල් මගේ හිතට දැනෙන විදියට ලියන්න හිතුව..


ඔයාලට පුළුවන් ඒවා වැරදි නම් comment එකකින් කියන්න හොද නරක සත්‍ය අසත්‍ය බව ඕනි එකක් කියන්න පුළුවන්....